Tuesday, December 3, 2019

ඔබ ඇපල් මලක් වාගේ - 1

කැම්පස් එකේ දේශන වාරයක දී ආපු සර් කිව්වේ ඒ සින්දුවේ 'ඇපල් මල' යෙදුම සාර්ථක නෑ කියලා. ඇයි අපි ඇපල් මල් දැකලා නෑනේ. එතකොට ඇපල් මලෙන් කියවෙන 'ඔබ' මොන වගේ ලස්සන ද කියන්න අපිට තේරෙන්නේ නෑ. ඇපල් මල අපිට දුරයි. කළු ද සුදු ද කියන්න දන්නෙත් නෑ. එතකොට 'ඔබ' ගැන ඇතිවන චිත්‍රයත් අපහැදිලියි.

ඇත්තටම එහෙමද?

ඒත් ඒ සින්දුවෙන් වුණේ හරි පුදුම වැඩක්. 'ඔබ' ගැන මම හොඳට ම දන්නා නිසා ඇපල් මලත් ඔබ වගේම ආදරණීය සහ සුන්දර දෙයක් කියලා මට හිතෙන්න පටන් ගත්තා. ඒ සින්දුවට බැරි වෙලාවත් අපි දන්න කියන මලක නමක් ආවා නම් එහෙම ඒ මලේ ගතියට 'ඔබ' සීමා වෙනවා. ඒත් මම දැකලවත් නැති මලක් යෙදීමෙන් මම 'ඔබ' තුළින් මල දකිනවා. ඒක මේ ලෝකේ තියන හොඳම මල. එතකොට මලක් වගේ 'ඔබ' නෙවෙයි, 'ඔබ' වගේ මලක් ගැන මට හිතෙන්නේ. මට අසීමාන්තිකව ආදරය කරන මලක්. ඒක ගෙදර වත්තට සීමා වුණ රෝස මලක් නෙවෙයි. ඒක මුහුදෙනුත් එහා රටක වැවෙන ගහක ඇති වුණ මලක්. ඒක සාහිත්‍යයේ එන නියමවලට සීමා වුණ හැඟීමකට වඩා ලොකු දෙයක්.

මට මේ සින්දුව ගැන කියන්න බොහෝ කතන්දර තව තියෙනවා ❤️


No comments:

Post a Comment