Monday, April 22, 2019

බීබීසි නිසා ඇයි මම මෙහෙම?

බීබීසි මාධ්‍ය භාවිතය පිළිබඳ මගේ සත දෙක නිසා බොහෝ දෙනා මම කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක ඉත්තෙක් විදියට දකින්න පටන් අරගෙන. අනේ ඇත්තමයි ගොඩක් දෙනෙක්ට ලැබෙනවා වගේ මං ලියන දේවලටත් කීයක් හරි ලැබෙනවා නම් කොච්චර දෙයක් ද? ඒත් ඇත්තට ම නෑ. මොකක් හරි කාලකණ්ණිකමකට මට තියෙන්නේ තුවාල වෙච්ච හදවතක්, දරාගන්න බැරි කේන්තියක් සහ දුකක් විතරයි. මට එහෙම වුණේ ඇයි කියලා ලියා තියන්න ඕනි වුණේ මම නොවන දේකට මාව පටලවන්න කීප දෙනෙක් උත්සාහ කරන විදිය දැකලයි. නොපැතූ විදියේ ත්‍රස්ත ප්‍රහාරයක් හිටපු ගමන් ඇති වුණා. කජු ඇට කොස් ඇට ද? බල්ලෝ බළල්ලු ද? මිනිස්සු 300ත් පන්නලා මැරිලා ඉවරයි. ඒ මැරුණේ අපේ ම මිනිස්සු. ඒ අල්ලපනල්ලේ බීබීසි ආයතනය සාකච්ඡාවක් තියෙනවා. ගෙන්නන්නේ එල් ටී ටී ඊ ත්‍රස්ත කණ්ඩායමට සහයෝගය දක්වන කෙනෙක්. අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් කරපු දෙයක් වුණාට මුළු ලෝකයකට ඇහෙන්න කියනවා මේ ප්‍රහාරය කරේ අපි කියලා. මුළු ඇඟ පුරා ම දුක සහ බය දුවන වෙලාවක ඒ වගේ අසත්‍ය චෝදනාවක් එල්ල වුණාම මාර විදියට අසරණ වෙනවා. කර කියාගන්න දෙයක් නැති වෙනවා. මිනිස්සුන්ගේ මළ කඳන් උඩින් පෞද්ගලික සහ දේශපාලනික න්‍යාය පත්‍ර අරගෙන යන්න වගකියන මාධ්‍යයක් ඉදිරිපත් වුණේ කොහොමද කියන එක ඉතින් මම ප්‍රශ්න කරා. ඒක ප්‍රශ්න කරන්න මම දැනන් හිටියේ ඊයේ වෙනකන් මම ගෞරව කරපු බීබීසි සිංහල සේවයේ මාධ්‍යවේදියා. මම නම සඳහන් නොකරන්නේ එහෙම කරන්නවත් විශ්වාසයක් දැන් ඔහු වෙනුවෙන් මට නැති නිසා. මම අහපු විදියෙන් කිසිම විදියකින් ඇඟවෙන්නේ නෑ අහවලා ව ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කිරීමක්. මට ඕනි වුණේ ඒ වගේ දරුණු අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කිරීම ඔහුගේ සේවා ස්ථානය සිදු කිරීම සම්බන්ධයෙන් මුළු මහත් ජාතියකින් අඩුම තරමේ සමාව ගැනීමක් වගේ දෙයක් විතරයි. නමුත් වචනෙකින්වත් හිත සැනසෙන්න එහෙම දෙයක් වුණේ නෑ. දැන් මගේ හිතේ ඔහු කෙරේ කිසිම විශ්වාසයක් නැහැ. මම දැකපු මම ගෞරව කරන මාධ්‍යවේදියා ඔහු තුළ නෑ. ඒ නිසා ඒ මොහොතේ ඉඳන් ඔහු ඈඳාගෙන මම කිසිදු කතාවක් කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ. නමුත් බීබීසී සේවයට මේ ගැන අපිට තවමත් කියන්න පුළුවන්. අපි කියන දේ අහන්නේ නෑ තමයි. හැබැයි මෙහෙම දෙයක් ගැන වචනයක් දෙකක්වත් කියන එක වැදගත් වෙන්නේ මෙන්න මේ නිසයි. ලෝකේ වටේ ම නළු බට්ටොයි පොලිටික්කොයි සාමාන්‍ය මිනිස්සුයි ඔක්කොම අපි වෙනුවෙන් දුක් වෙනවා. ඒ අස්සේ ඒ මිනිස්සුන්ට අදහසක් ගියොත් මේ ප්‍රහාරය කරේ අහිංසක අපි ය කියලා, එතකොට මොකෝ වෙන්නේ? ඒකයි මේ සාවද්‍ය ප්‍රකාශවලට එරෙහි ව කතා කරන එක වැදගත් වෙන්නේ. සුදු හුණු ගාන්න පෝලිමේ නොයා රටක් විදියට එකතු විය යුත්තේ අන්න ඒ නිසයි. මේ වෙලාවේ මට ඇඟිල්ල දික් කරන කට්ටිය වගේ ම වැඩක් බලන් පැත්තකට වෙලා ඉන්නේ නැතුව එක දිගට කියෙව්වේ හිතට ආපු දුකටයි ආවේගයටයි. අපි තමයි මේ ත්‍රස්ත ප්‍රහාරයේ ගොදුරු. මැරුණෙත් අපේ මිනිස්සු. හෙට මැරෙයි කියලා බයෙන් ඉන්නෙත් අපේ මිනිස්සු. ඉතින් මුළු ලෝකයක් ඉස්සරහ මේක කරේ අපි ය කියලා ඇඟිල්ල දික් කරා ම නවගුණවැල අතේ තියන් ඉන්න බෑනේ. බෑ. මේ වචන එයාලා ළඟටවත් යන්නේ නැත්තේ මේ වගේ වෙලාවකවත් අපිට එකට ඉන්න බැරි නිසා. ඉතින් කැඩිච්ච ටැප් එකක් වගේ ඊයේ ඉඳන් මම කියෙව්වේ මේ වේදනාව හිත අස්සේ තියාගන්න බැරි නිසයි. ඒක දේශපාලන අතකොලුවකගේ හැසිරීමක් විදියට දැකලා කවුරු හරි හිත රිදවාගත්තා නම් මම සමාව ඉල්ලනවා (මං දන්නෑ මම නොකරපු වරදකට මම සමාව ඉල්ලන්නේ ඇයි ද කියලවත්) නැතුව දේශපාලන වරදානයක් ලැබෙනවට නෙවෙයි. එහෙම ලැබෙනවා නම් ඉතින් මොනවා ලියන්න බැරි ද!

Sunday, April 14, 2019

අවුරුදු බලෙන් කන්න එපා ප්ලීස්



අකනිටා බඹු ලෝකේ බ්‍රහ්මයෝ ළඟවත් නැති තරමේ මොළ කෑල්ලක් මටත් තියේ කියලා පෙන්නන්න පුළුවන් ලේසි ම විදියක් තමයි පවතින සංස්කෘතිකාංගයක් නිර්දය විදියට විවේචනය කරන එක. බහුතරයක් ලාංකිකයන්ට ඔය ලෙඩේ තියෙනවා. ඒක ගොඩක් දුරට ඉස්මතු වෙන තැනක් තමයි අවුරුද්ද කියන්නේ. සමහරවිට ඒකේ සිංහල කියන කෑල්ල ගෑවිලා තියෙන නිසා කහඹිළියා ස්වාභාවය වැඩි වෙනවා ඇති.

වෙලාවට වැඩ කරන්න තියා ඔරලෝසුවක් දිහෑවත් බලන්නැති ජාතියක මිනිස්සු එක ම වෙලාවක කන්න, බොන්න, පැළයක් හිටවන්න, කිරි උතුරවන්න එකතු වෙනවා කියන්නේ ඒක හෙන ලස්සන වගේ ම අහිංසක වැඩක්. අවුරුද්දකට වෙන්නෙත් එක පාරයි. ඒ වැඩේ පට්ට නෝන්ජල් ගොන් වැඩක් කියලා හිතෙනවා නම් සරල ව ම ඒ දේවල්වලින් බැහැර වෙලා ඉන්න පුළුවන්. මහපටැඟිල්ලෙත් බඩක් තියෙන නිසා නොනගත වෙලාවේ නොකා නොබී ඉන්නේ නැතුව කන්න පුළුවන්. පුණ්‍ය කාලය වෙලාවේ යනවා නම් පන්සල් යයි නැත්තං ගෙදර. මොකෙක්වත් මේ දේවල් අධීක්ෂණය කරන්නේ නෑ. යන්න කියලා බල කරන්නෑ.

ඉතින් ඒ වුණාට ඒක නෙවෙයි වැඩේ. අහම්බෙන් මේ වගේ කතාවක් ඇහැ ගැටුණා. "නැකැත්කරුවන්ගේ කාල සටහන් වලට අනුගතවත්, අඥානවත්, වහල් බියෙන් සහ මර බියෙන් යුතුවත් හැසිරෙන දිනය අදයි." අයිසේ වට් ද ඇක්චුවල් පක්! මර බිය? අවුරුදු ගාණකට කලින් ප්‍රසිද්ධ ස්ථානයක කාටවත් අයිති නැති පාර්සලයක් තිබ්බොත් නම් ඒක දැනුණා. නැකැත් සීට්ටුවට මර බිය හදාගන්නවා වගේ අංගවිකල කතාවක් නම් ඇහුවාමයි. බැලින්නම් කතාව කියපු පාර්ශ්වයේ ගෙදර අයත් එහෙම ලු. ඒක එහෙනම් ඒ පවුල් පරිසරයෙන් ම හැදුණ අන්ධභූත ගතියක්. ගෙදර පරිසරය මුළු මහත් සමාජයකට ඇප්ලයි කරගන්න ගියපු මාර අසාර්ථක උත්සාහයක්. රටක් විදියට අපේ පල් මෝඩයෝ ඉන්නේ ටික දෙනයි. සම්මතයේ අපි ලංකාව මෙහෙමයි අරහෙමයි කියලා කිව්වට ගොඩක් අන්තවාදී ඇදහිලි තියෙන රටවලට වඩා අපි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. මර බිය කෙසේ වෙතත් අවුරුද්ද කියන්නේ පට්ට ම නිදහසේ හැසිරෙන්න තියන දවසක්.

ටීවිවලට එක එක සාස්තර ආචාරියෝ ගෙන්නනවා. මුන් බොනිකර තරු කියන්න මිනිස්සු හොඳාකාරව ම දන්නවා. අවුරුදු දවසේ නැකැත් සීට්ටුව හදන එක ඔය වරිගෙම උන්නැහැ කෙනෙක් කරා කියමු. ඒක මෙලෝ සම්මතයකින් නැතුව ආනා රූනා රෝම කටුස්සා කියලා තෝරලා හදපු එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් මොකක් ම හරි සුබ දෙයක් පෙරදැරි කරගෙන හදපු එකක් වෙන්න ඇති. අපි ඔය මොන බයිලයක්වත් දන්නේ නෑනේ හරියට. නැකැත් සීට්ටුව ආවා ම වෙනදට කියන ලග්න ඵලාඵලේ ගානට ඒක දාන්නැතුව කාලසටහනක් විදියට හිතන්න බැරි ද? ඒක ආවා ම මේ නැකැත් කතාව අල්ලගෙන සමස්ත අවුරුද්ද ම පාච්චල් කරන්න මනුස්සයෙක් පෙළඹෙනවා නම් ඒ යකා කොකිස් කෑල්ලක්වත් කන්න තරම් වටින කෙනෙක් නෙවෙයි. සිදුහත් සියල්ල අතෑරපු බෝධිය ගාව ජයෝ මුනින්දස්ස කියන්නේ දේවල් අතාරින්න නෙවෙයි. අපි පට්ට ම පෘථග්ජන මිනිස්සු. විශ්වාසයන් තමයි අපි ව ජීවත් කරවන්නේ. එහෙම එවුන් එක හිතින් හොඳක් ම වේවා කියලා එක වෙලාවට කිරි උතුරවන එක හෙන අජපල් වැඩක් ද? මේ දේවල් කියන ඩෑල් එක්කෝ නිවන මානේ සකෘදාගාමීවත් වෙලා නම් කමක් නෑ මෙතන.

රටේ මිනිස්සුන්ට අම්බානෙට ප්‍රශ්න, ආණ්ඩුව පිස්සු කෙළිනවා, ඒ අස්සේ අවුරුදු කන්න මැරෙන හැටි ගගා ඇමිණෙන්න එන තවත් විලම්බීතකාරයො ටිකක් ඉන්නවා. හොඳ ම වැඩේ තමයි රටක් වශයෙන් අපි දැන් ඉන්න නරකාදියට තල්ලු කරන්න හේතු වුණෙත් ඔය කියන එව්වො ම වෙන එකයි. මිනිස්සුන්ට ප්‍රශ්න තමයි. තොපිලා පත් කරපු ආණ්ඩුව මිනිස්සුන්ව මස් කරලා තමයි. දැන් එහෙමයි කියලා උන් හැමදාම ඒ ගැන හිත හිතා හූල්ලගෙන ඉන්න ඕනි ද? අඩුම තරමේ එක දවසක්වත් සතුටින් ඉන්න උන්ට අයිතියක් නැද්ද? එක්කො මුන්ට ඕනි මිනිස්සු හැමදාම විඳ ව විඳ ව ඉන්නවා බලන්න වෙන්න ඇති. මට තේරෙන්නෑ.

අවුරුද්ද කියන සංකල්පේ දිරවන්නැත්තම් කරන්න තියෙන හොඳ ම දේ තමයි දිරවන වුන්ට ඒකේ ආතල් එක ගන්න දීලා පැත්තකට වෙලා ඉන්න එක. එතකොට ඔය ඇඟ පුරාම ගලන මොළේට වුණත් සනීපයක් දැනෙයි. කොහොමත් ඔහොම ප්‍රබුද්ධ ඩෑල් පට්ට අසහනෙන් ඉන්නේ. ඇයි ඉතින් සංස්කෘතික ප්‍රශ්න ම කීයක් ද ඔතන. ඕකුන්ට පෞද්ගලික ප්‍රශ්නත් ඇති. ඒවායි මේවායි ඔක්කොම එකතු වුණාම හිතන්නකෝ ඉතින්. මේ දේවලුත් අමතක කරන්න නරකයි. තව හිනා යන කතාවක් තියනවා මේ සංස්කෘතික කුහක හැත්තගේ දකින්න තියන පට්ට ම කලා දෘෂ්ටිය. මගෙ අම්බෝ එහෙම එකක් මේ සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්න බෑ. මුන් අදහන කලාව මොන අම්මගෙ රෙද්දෙ කලාවක් ද කියන්න දන්නෑ. ඇයි බං මිනිස්සුන්ගේ අහිංසක හැඟීම් තේරුම් ගන්න බැරි නම් කලාකාමියෝ වෙන්න විදියක් නෑනේ. හැබැයි කොහොමහරි එහෙම ලු. නල්ලමලේ මානවවාද. ඊළඟ පාරවත් හූල්ලන්න යන්නැතුව අවුරුදු දවසට ලංකාව පැත්තෙවත් ඉන්නැතුව තොලොංචි වුණා නම් හරි. 

මුළු මහත් රටක් එක්ක එකට කාලා බීලා ගන්න අහිංසක ආතල් එකේ කොටස්කාරයෙක් වෙන්න හිත් නොදෙන තරමේ ලෙවල් මිනිස්සු ඈහ්. හරි බන් එල!