Friday, March 30, 2018

අපේ රැජින නිදි

සේකරගේ අම්මා අපි දැකලා නැති
මක්සිම් ගෝර්කිගේ අම්මා කොහේ ඇති
එ නමුදු ඇසින් දුටු බෝසත් මවක් වුති
ගුණ ගැයුමට යයි අප හට දවස් සති

වාරු නැති දෙපා පරදා හද දැඩි කළ හැටී
සිතින් නිතර අප පස්සේ ආවේ නොම වැටී
බුදුන්ගේ සරණ රත්නත්තරයේ ගුණ කැටී
ආච්චි අම්මා අප හට දෙව් විමනක වටී

මිනී මලක මල් පෙත්තක නෑ සුවඳක් රැඳි
සිනා හඬක සේයාවක් නෑ ලොව ඉන් මිදී
රෑ කලුවර සෙවණැලි තුළ ඉන්නා වල් වැදි
රැහැයියනේ ගී නො ගයවු අපේ රැජින නිදි

තව්තිසාවෙ යන ගමනේ ආච්චියේ අහන්න
සීයා ගැන මතක මලුත් තව සුවඳයි කියන්න
නුඹටත් මව් පේම යළි දුන් ආදරයේ ඔටුන්න
ලොකු නැන්දව ආදරයෙන් මතක් කරා කියන්න

 - මුණුපුරන් සහ මිනිපිරියන්


3 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  2. වැඩක් නෑනෙ බම්,උඹ බුකියේ මාව බ්ලොක් කරලනෙ...කියන්නැතුවම...🤐

    ReplyDelete