Sunday, August 14, 2016

වාරු ඇති මගෙ දෙපා

බස් රියක එල්ලිලා
යන මහත්තුරුන්ගේ - ඩා දියේ නෑවිලා
පාගගෙන ගියත් මා - විසැති අඩි නෝනලා
නුඹ බලන්නට එන්න - වාරු ඇති මගෙ දෙපා

සුවඳ හමනා හිනා මල් - පොකුරු බිම දමා
ම වෙත දිව එන තුරා - පන්ති අහවර වෙලා
නුඹේ රූ රටා ඇඳි - අහස දෙස බල බලා
එළිපත්තෙ ඇති හෙටත්  - වාරු ඇති මගෙ දෙපා

පෙර රජුන් මෙන් ඔබට - තනනු බෑ මාළිගා
අකුරු අබිසෙස් පමණි - තාම නෑ රජ වෙලා
ඒ වුණත් නොබිඳ ඔබ - සිත් අහස් මාළිගා
දිවි කතර තරණයට - වාරු ඇති මගෙ දෙපා

No comments:

Post a Comment