Saturday, February 27, 2016

2-10

ලිව්වේ මම
කිසිත් කිසිදා නොකියවෙන
මනෝභාවයට නොවැටහෙන
ප්‍රශ්න ගැන
දැක්කේ මම
ලෝකයක හොඳ
ඇසක් වැසූ ඇහිපිල්ලමක් යට
කිව්වේ මට
පෑන නොදන්නා යාළුකම් ගැන
දකින තුරු නමක් ගැන වගක් නැති
මූණු හතරක්

තාලයක් නැතිව දොරට ගසමින්
ගැයුවේ අපි මිහිරිම ගීත
කැන්ටිමට බැන බැන කෑවේ අපි
රජ මාලිගයක නැති රාජ භෝජන

ලෝකයට ඕනි විදියට රඟපෑව මාව
කොහෙන්දෝ මුල්ලකින් හොයාගෙන
ආදරය කළා උන් මට
මම දන්නා  මගේ හදවතට

වසර දහතුනක් හිටි අය
ගියේ උන්ගේ ලෝකේ හොයන්
හරි සතුටින් මම යනකොට

සති තුනකට එක කාමරේ
වැටිලා හිටපු අහිංසකයෝ
ගියේ කඳුළු පිරුණු දෑස්
පොඩි කර කර මම යනකොට

ඒ හින්දා ලිව්වා මම
මම නොවිඳපු හැඟුමක් ගැන
හිතනවාට වඩා ලස්සන
'මිත්‍ර ප්‍රේමය' ගැන

සබන් කෑලි කොට්ට මෙට්ට
පොදි බැඳගෙන අපි ගියාට
"දෙකේ දහය" බලාන ඇති
අපි යළි ඒවී හිතාන

2016 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති නම්නීකරණ වැඩසටහනේ පිනෙන් නව කාන්තා නේවාසිකාගාරයේ '2-10' කාමරයේ කකා බිබී වැටී ජීවිතය ඉගෙනගත් උන් වෙනුවෙන් ලියන ලද්දකි.

3 comments: