Friday, June 12, 2015

වෙරිමත




උනුන් කී නේක මල්
පිපෙන හැන්දෑ කලේ 
තිත්ත කරුවල රැගෙන
එන සීත මද නලේ 
ජනෙල් දොරපලු ගෙවල 
වැසී ගෙන යන වෙලේ 
වැරදීමකින් මනෙත 
රැඳුණි ආකස් තලේ

බීමතින් තාරපති 
වලා පටලේ පැටලි 
පය පැකිල වැටි වැටී
ආවාට ඇති කරන් 
හිස රිදුම් දෙන හැඩයි 
තරු විසික් වෙන තරම් 

ජීවිතය කල්කදුරු
අසරණ ම දෙනෙතකට 
තමන් පැතු එකී සඳ 
නොපායන හෙට දිනට
බමන මත් ගෙන 
අහස පුරා ජවුසන් නටන 
මේ සඳේ සේයාව 
දෙන මිහිර යම් පමණ

වෙරි සිඳුණ චන්ද්‍රයා 
ගොරව ගොරවා නිදි ලු
මෙතෙක් කල් එදෙස 
යොමු නෙත් තාම නිදි නැති ලු 
නිදිමත ද වෙරිමත ද 
ඒ දෑසෙ වේ ගැටළු 
පව් නොදී නිදාගමි 
ලෝකෙට නොවී විහිලු

No comments:

Post a Comment