Sunday, March 22, 2015

අඬන ආතලය

මිනිස්සු අඬන්න පටන් ගන්නේ කිරි සප්පයා කාලේ ඉඳන්ම යි. තමන්ගේ අවශ්‍යතා කටක් ඇරලා කියාගන්න බැරි නිසා පොඩි එවුන් කොයි තරම් අඬනවද? හැබැයි ඒ අඬන කෙරුවාව සාමාන්‍යයි. කිරි සප්ප අවධියෙන් පස්සේ තමයි කඳුළුවල ආතල් එක තියෙන්නේ. ඒ ආතල් කාලේ අපේ කඳුළු මිනිස්සු විවේචනය කරන්න ගන්නවා. එතනින් තමයි ෆන් එක පටන් ගන්නේ.

අපි වයසින් වැඩෙන්න ලොකු එවුන් වෙනවා කිව්වට මට නම් අපි බාල කාලෙටත් අන්ත මට්ටමට වැටෙන්නේ ඔය වැඩීමත් එක්ක. පුංචි කාලේ අපි අඬනකොට එක්කෝ ඔය මොකක් හරි සෙල්ලමක් දාලා ශේප් කර ගන්නවා. ඒත් ලොකු වෙන්න වෙන්න සෙල්ලම් දැම්මට අඬන මිනිස්සු නලවන්න බැහැ. ඒ බැරි නිසා ම කවුරු හරි අඬනවා නම් අඬන්නේ ඒකාගේ පෞරුෂේ අවුලක් ය, අරකයි මේකයි කියලා උන් ව හරි අමුතු විදියකට සවුත්තු කරන තත්වෙකට මිනිස්සු ඇවිත්. අපිට හිනාවෙන්න හේතු ඕනි තරම්. ඒත් කෙනෙක් අඬනවා නම් එතන තියනවා ඔය කෙහෙම්මල් පෞරුෂ සංකල්පෙට එහා ගිය දෙයක්.

ඇත්තට ම ඇයි මිනිස්සු අඬන්නේ? අඬන කෙනෙක් දිහා බලලා මේ මොන සමයමක්ද කියලා උපකල්පනය කරන්න කලින් ඒ ගැන හිතන්න ඕනි හැම කෙනෙක් ම. මිනිස්සුන්ට කොයි තරම්වත් ප්‍රශ්න තියෙනවා. ගෙදර ප්‍රශ්න, ආර්ථිකමය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න වගේ ම ආදරේ නිසා අඬන අයත් ඉන්නවා. හැබැයි හැමෝම අඬන්නේ ආදර ප්‍රශ්න නිසා නෙවෙයි. ඕක හිතන් නැතිව අවුරුදු 18ක 20ක කෙල්ලෙක් කොල්ලෙක් අඬනකොට නෙද්දකින් මූසලකම කියලා හිතපු නිසයි මිනිස්සුන්ට වැරදුනේ. තවත් කට්ටියක් ඉන්නවා තමාගේ හිතට දැනෙන දේ කියන්න කෙනෙක් නැති නිසා අඬන. සමහරවිට තමා ඇසුරු කරන අය ම මොකක් හරි සීමාවක් දැම්මොතින් වැඩේ සෑහෙන දරුණු වෙනවා. ඒ වෙලාවට හිතේ මහා ගොඩක් දේවල් හිර කරන් ඉන්න බැරි ම තැන ඇස්වලින් කඳුළු එනවා. ඒක එවුන්ගේ වරද නෙවෙයි. ඒ නිසා කවුරු හරි අඬනකොට "අඬන්න එපා" කියලා කියන එක නම් අමන වැඩක්. මොකද එහෙම කිව්වයි කියලා කඳුළු නතර වෙන් නෑ. සමහරවිට අඬන සද්දේ තව ටිකක් වැඩිවෙන්න පුළුවන්. 

අයෙක් අඬනවා නම් කරන්න පුළුවන් හොඳම දේ ඇහුම්කන් දීමයි. හැබැයි ගොන් ඈඬියාවල්වලට නෙවේ. ගොන් ඒවා කිව්වේ ඔය පවුඩර් බේබිලා වැඩි හරියක් ම සමාජ වෙබ් අඩවි අස්සේ නටන නාඩගම්වලට. ඒ අඬන්නේ උන්ගේ කොහේ හරි අමාරුවකට මිසක් වෙන මොකටවත් නෙවෙයි. අධෝ වාතයක් ගියත් ෆේස්බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරලා අඬන උන් නම් නලවන්න නොයන තරමට හොඳයි. හැබැයි ලංකාවේ දුක්ගන්නාරාළලා වැඩි හරියක් ම කරන්නේ ඕක. ඇත්තටම කතා කළ යුතු අයගේ ඇස්වලට තව ටිකක් ඇනලා යනවා කොහෙවත් ඉන්න බබ්බු නලවන්න. ඒක ඉතින් රටේ මිනිස්සුන්ගේ හැටි. හොඳම දේ ඇහුම්කන් දීමයි කියලා මම කිව්වේ මොකද කියනවා නම් කලින් කිව්වා වගේ ම කෙනෙක්ට අඬන්න තියෙන ලොකු ම හේතුවක් තමයි තමන්ගේ දේවල් කියන්න හරි හමන් යාළුවෙක්වත් නැතිකම. 

අඬන අයගෙන් තව ආතල් ගන්න මාර්ගයක් තමයි පුරුෂ භේදය සැලකීම. ඉස්කෝලේ කාලේ අපේ පන්තියේ හිටියා පත කොල්ලෙක්. හැබැයි පොඩි දෙයටත් අඬනවා. ඉතින් ඌට මොකක් හරි උගුලක් අටවලා සතුටු වෙන්න අපේ පන්තියේ කොල්ලෝ සෑහෙන ආසයි. හෙන ආතල් ඉතින්. අපිත් ඒ දවස්වල මනුස්සයට හිනා වෙවී උන්නේ. හැබැයි හේතු කාරණා දැනගත්තේ පස්සේ. කොහොමත් පොර පන්තියේ හිටියේ තනිවෙලා වගේ. පන්තිය විසින්ම එයාට ගෞරව නාමයක් දීලා තිබ්බා ඌ මල වාතයක් කියලා. ඉතින් කවුරුත් එයා එක්ක වැඩි ගණුදෙනුවක් නැහැ. ඉතින් එයාට අනික් කොල්ලෝ වගේ ඉස්කෝලේ තියෙන පැය ගණන තුළ සතුටින් ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. සමවයස් යාළුවො එක්ක තමන්ට දැනෙන හැඟෙන දේ කියන්න තියා හිතන්නවත් බැහැ. මොකද කවුරුත් එයා කියන දේවල් අහන්න ගියේ නැති නිසා. ඒ මානසිකත්වය යටතේ මිනිහෙක් ඇඬුවේ නැත්තන් නොව පුදුමේ!

මම ගැන කතා කරොත් මේ අවුරුදු 19ක් වගේ වෙන කාලේ ඇතුළත මම සත් සමුදුරු ගොඩ ගලන්න අඬලා තියෙනවා එක එක එව්වා මෙව්වාවලට. කවුරුහරි බනින්න කලින් මගේ ඇස්වල කඳුළු, සෙල්ලම් කරද්දී වැටෙන්න කලින් අඬලා ඉවරයි, ආසම කරන කාටුන් එකක් හරි මොකක් හරි මිස් උනොත් ඒත් අඬනවා.   
හොටුපෙති ලෝකයයි. ඒ විතරක් නම් කමක් නෑ කියමුකෝ.. මම වෙන උන් අඬනවා දැක්කමත් අඬලා තියෙනවා නොසෑහෙන්න! එක කෝලමයි ඉතින්. හැබැයි දැන් නම් ඔක්කොම හරි. නිකන් කාගේවත් ආතල් එකක් නොවී අඬන් නැතුන් ඉන්න දන්නවා මම දැන්. එක්කෝ මට සර්ව සුබවාදී මොකක් හරි බිබික්කමක් පෑගිලා තියෙනවා නැත්තන් ඔය මොකක් හරි කැවිලා තියෙනවා. මළ ගෙයකදී නැත්නම් මගේ රටට මොකක් හරි අවජාතක වැඩක් වෙන වේලාවකදී ඇරෙන්න ආය මම කවදාවත් ම අඬන එකක් නැහැ. ඉස්සරහට තියෙන ජීවිත කාලේ ම ගුලියක් කාපු එකියක් වගේ හිනා වෙවී ඉඳීවි මම. ඇස් පිරිසිදු වෙන්න , කඳුළු එන්න අඬන්න ම ඕනිය ආයුබෝවන්ඩ? මම හිනා වෙනකොට ඔක්කොටම හපන්! ඇස්වලින් කඳුළු බේරෙනවා. ඇස් අස්සේ ඉන්න බැක්ටීරියා ටික එළියට එන්න ඒ ටික වැඩිත් එක්ක. 

අඬන එක ආතලයක් කරගන්නේ අඬන මිනිස්සු නෙවෙයි. උන් දිහා බලන් ඉඳලා කාලකන්නි සතුටක් ගන්න ඈයෝ කියලා දැනගෙන ඉන්න එකත් එක්තරා විදියක ජිවිත පාඩමක් ඕන්! :)



12 comments:

  1. බාසාව හැසිරවීම පට්ට යැ. ස්වයං අනන්‍යතාවයක් තිබේ. ඒක තමයි වටින්නේ, "කොපි කල හැක, ඒත් සමකල නොහැක". ඒ නිසා තමන්ගේ අනන්‍යතාවයෙන් දිගටම ලියන්න, මොකා මොකක් කිව්වත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ. අයියලාගෙන් ඉගෙනගත් දෙයක් තමයි මොකා මොකක් කිව්වත් අනන්‍යතාවය නැති නොකර ගැනීම :)

      Delete
  2. අඩී... උඹ දැන් සෑහෙන්න දියුනුයිනේ.....
    අඩම්බරයි පුතේ.. දිගටම ලියපන්.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල ඉඳන්ම දියුණුයි බොලව්! මිනිස්සු අපිව හරියට අඳුරන් නැහැනේ! එල එල! :D

      Delete
  3. මේක නං නියමෙට ලියලා තියෙනවා, තාලේ මාර ආතල් බං.

    ආඩම්බරයි දුවේ :')

    පූර්ණ අයියා කියුවා වගේ බාසාව ලස්සනට හසුරුවලා තියෙනවා.

    පොඩි ඔවදනක්, මේවා ශේයාර් කරන්න පුළුවන් වෙන්න පොඩි විජිට්ටුවක් දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොක්කා! විජට්ටුවක් තියේ! :)

      Delete
  4. හොටුපෙති ලෝකයේ අග රාජිණියගේ පද්‍ය පෙළ සුපිරිය. සිරාවටම පොළොවේ පයගහල ජිවත් වෙන උඹ සුපිරි බන් අනිත් ලොකු සීන් තියෙන කෙල්ලන්ට වඩා. මේ අර වොයිස් කට් එක එවපු කොල්ලා ගැනත් ලියපන්කො :)

    ReplyDelete
    Replies
    1. මේ සෑහෙන වටිනා කොමෙන්ටුවට පින් ඔටුවෝ :')
      ඔහේ මම ගැන ඔහොම ආකල්පෙන් ඉන්න එක ගැන සතුටුයි.
      කොල්ලා ගැන මම කිව්වා කියලා හිතා ගනින්!

      Delete
  5. අමු කැවුනු සමාජයේ , සර්ව සුඛවාදි බිබික්කම, ඔබයි නංගියේ :D Excellente !

    ReplyDelete
    Replies
    1. දකින දකින එකාට බිබික්කම් කවන්න හිතෙයි දැන් මට :') gracias අක්කේ! :')

      Delete
  6. වෙලාවකට මේක කෙල්ලෙක් ලියපු එකක්ද කියලත් හිතෙනවා. anyway පට්ටයි !!! :)

    ReplyDelete
    Replies
    1. මේක ලියලා ඉවර වෙලා මටත් ඕකම හිතුනා. ස්තුතියි දරුවෝ :)

      Delete