Sunday, November 16, 2014

මගේ ඩාර්ලින්





ඩාර්ලින්, 
ඇති වෙනකන් අඬපන් 
හිනා උනා ඇති දැන් 
උඹේ ඔය වෙස් මූණ 
මට දිපන් 

ඩාර්ලින්,
තවනම් එපා ඇමතුම්
අපරාදේ ඔය පනම් 
KFC ගිහින් චිකන් බුරියානි කාපන් 
නිකන් බොරුවට ඇයි වියදම්?

ඩාර්ලින්,
සයිබර් ලෝකෙදී මට 
උඹව දැක්කම මාර කිචි 
මම දන්නවා 
බොටත් ඉස්සර කිචි
දැන් සෙත්තපෝච්චි

ඩාර්ලින්,
උඹ හෙන බුද්ධිමත්
දුන්නා දැනමුතුකම් මටත්
ලව් ආතල් හෙන බේගල්
අම්මපා මේවා හොඳ පාඩම්
හැබැයි 
ඒ ආලෙත් හෙන ආතල් 

ඩාර්ලින්,
අඬන්නේ ඇයිද බොරුවට?
කොට්ටේ යට තිබ්බ ග්ලිසරීන් 
බෝතලේම උඹේ ඇහැ අස්සෙද? 

ඩාර්ලින්,
හදලා දෙන්නම් මම පපඩම් 
පපඩම උඹ වගේමයි
ඇතුල හිස් 
පිටින් රැස් 
"කරස් කුරුස්" ගගා 
උඹේ හෘද සාක්ෂියම කාපන් 

ඩාර්ලින්,
උඹ කිව්වාට සමාවියන්
කාලකන්නිකමට මට සූර්
සතුට මුව අග රැඳියන් 
යෙහෙන් වැජඹියන් 
තුසිත දෙව්ලෝ ම පලයන් 

        
                                                     -සයිබර් ප්‍රේමවන්තයා-